ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ දී රජයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 04 වාර්තා කළේය. ඒ මරණ හතරින් දෙකක් වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශයෙනි. ඉතිරි දෙක කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට හා හල්තොට ප්‍රදේශ වලිනි. කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනාම මියගොස් ඇත්තේ නිවෙස් තුළය.
කොළඹ බල ප්‍රදේශවල සිදුවූ මරණ අතරින් කොළඹ 15 ප්‍රදේශයේ දී මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණ කාන්තාවකි. කොවිඩ් 19 ආසාදනය නිසා උත්සන්න වූ අක්මා රෝග තත්වයක් නිසා ඇය මියගොස් ඇති බවය. කොළඹ 10 පෙදෙසේ මිය ගිය තැනැත්තා කොළඹ පුද්ගලික රෝහලක දී කොවිඩ් නියුමෝනියා තත්වයක් නිසා මියගොස් තිබේ.
නිවස්වල මිය ගිය කළුතර දිස්ත්‍රික්කයේ පොකුණුවිට 59 හැවිරිදි කාන්තාව කොවිඩ් ආසාදනය නිසා ඇතිවූ අධිරුධිර පීඩනය හා පපුවේ ආසාදනයක් නිසාත්, හල්තොට 86 හැවිරිදි පිරිමි පුද්ගලයා කොවිඩ් ආසාදනයෙන් ඇති වූ හෘද රෝගී තත්වයක් නිසාත් මියගොස් ඇති බව රජය නිවේදනය කරයි.
දැනට රටේ සිදුවී ඇති මුළු කොවිඩ් මරණ ගණන 73කි.
ඒ පිළිබඳව රජය විසින් නිකුත් කළ වාර්තාව මෙසේය.