සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් වාර්තා කළේය. ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති කොවඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 232කි.
මේ තිදෙනා අතරින් එක් මරණ කරුවෙක් මීගමු බන්ධනාගාරයේ රැඳවියෙකි. බන්ධනාගාරයේ දී කොවිඩ් ආසාදනය වූ මෙම 62 හැවිරිදි පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කරීමෙන් පසු මියගොස් තිබීණි. මරණයට හේතුව වී තිබුණේ කොවිඩ් නියුමෝනියාවය.
අනෙක් මරණ කරුවන් දෙදෙනා ගෙන් එක් අයෙක් කොළඹ 14 පදිංචි 80 වියැති කාන්තාවකි. ඇයට කොවිඩ් ආසාදනය වී තිබුනේ මහරගම අපේක්ෂා රෝහලේ දීය. අනෙකා රත්නපු පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.