පාර්ලිමේන්තු රැස්වීම අද (24) පැය එකහමාරකට පමණක් සීමා වී තිබේ.
ඒ මෙරට දෙදින නිල සංචාරයක් සදහා පැමිණ සිටි පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් සමග පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දිවා භෝජන සංග්රහයට සහභාගි වීම හේතුවෙනි.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට ආරම්භ විය.
මන්ත්රීවරුන් විසින් අසා තිබූ ප්රශ්නවලට ඇමැතිවරුන් විසින් පිළිතුරු ලබා දීම පමණක් සිදු කර රැස්වීම පෙරවරු 11.30 ට අවසන් කෙරිණි.
නිල සංචාරය අවසන් කර ඉම්රාන් ඛාන් මහතා යළි අද පස්වරුවේ පාකිස්ථානය බලා පිටත්ව ගියේ ය.