දිනසේන රතුගමගේ
ශ්රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ උතුරු හා නැගෙනහිර ප්රදේශවල දින පහක නිල සංචාරයක් ආරම්භ කොට ඇති අතර ඊයේ (11) මුලින්ම ඔහු මන්නාරමට පැමිණි අවස්ථාවේදී මන්නාරම තිරුකේතීස්වරන් කෝවිලේ ඔහු වෙනුවෙන් පැවති ආශිර්වාද පූජාවකට සහභාගී වූයේය.
පස් දින නිල සංචාරය අතර තුර කාලයේ ඔහු විසින් ඉන්දීය ආධාර යටතේ උතුරු නැගෙනහිර පළාත් දෙකට ලැබී ඇති විවිධ සංවර්ධන යෝජනා ක්රම පිළිබඳව තොරතුරු සොයා බලන අතර එම පළාත්වල රාජ්ය නිලධාරීන් හා දේශපාලන කණ්ඩායම් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිතය.