දිනසේන රතුගමගේ –
- දැන් මන්නාරම ධීවරයින් කරන්නෙ ධීවර කටයුතු නෙමෙයි… ඉන්දීය ධීවරයන් සමග ජාවාරම්…
- දැනට ගම් දෙකක් වහලා තියනවා… ඉන්දීය ධීවරයින් සමග ගනුදෙනු කරන ගම්මාන හඳුනාගෙන තියනවා… ඒ ගම්වලින් එක් ආසාදිතයෙක් හෝ හමුවුනොත් ගම්මාන වහනවා… ප්රාදේශී්ය සෞඛ්‍ය අධ්‍යක්වරයා අනතුරු හඟවයි…
ඉන්දියානු ජාතිකයින් සමග සෘජු සම්බන්ධකම් පවත්වනු ලබන මන්නාරමේ ගම්මාන සියල්ල මේ වන විට හදුණාගෙන ඇති අතර මින් ඉදිරියට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළි නොපදින පිරිස් සිටින ගම්මාන හුදෙකලා කරණ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩී.විනෝදන් ඊයේ ( 11 )දා පැවසීය.
මන්නාරමේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කියා සිටියේ මන්නාරමේ ධීවරයින් මේ දිනවල ධීවර කටයුතු වෙනුවට වියලි කහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඉන්දීය ජාතීකයින් සමග එක්ව සිටින බවයි.
මේ තත්ත්වය මන්නාරමේ පමණක් නොව සමස්ත උතුරු පළාතේම කොරෝනා රෝගය වර්ධනය වීමට විශාල සාධකයක් වී ඇති බැවින් සියලු දෙනාගේම ආරක්ෂාව උදෙසා ගම්මාන හුදෙකලා කිරීමේ තීරණය හැරෙන්නට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති බවද කියා සිටියේය.
මේ වන විට මන්නාරමේ පට්ටිතෝට්ටම් හා පෙරියකඩෙයි යන ගම්මාන දෙක වසා දමා ඇති අතර ඉන්දීය ජාතිකයින් සමග සබඳකම් ඇති බවට මේ වන විට අලුතින් හදුනාගෙන ඇති සෙසු ගම්මාන වලින් කොරෝනා රෝගීන් හමු වුවහොත් එම ගම්මානද වසා දමන බව මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මේ දිනවල උතුරු පළාතේ පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා ධීවර කටයුතු වලට අවසර ලබා නොදීම නිසා මන්නාරමේ ධීවරයන් ජාතිකයින් සමග එක්ව නීති විරෝධී ජාවාරම් වල නිරත වන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.