ඉන්දියාවේ විසාකපට්නම් සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පිළිබඳ තොරතුරු තමන් විසින් ඉල්ලා සිටියත් මත්තල ගුවන්තොටුපල හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් එම සේවයකන් කිසිවෙක් කිසිවෙක් තමන් යටතේ නිරෝධායනය නොවූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසයි.
නිරෝධායන නීතිය යටතේ මුල දින 14 හෝලයක නිරෝධායන වුව ද ඊලඟ දින 14 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනය විය යුතුබව ඔවුන් පෙන්වා දෙයි.,
ඩේලි මිරර් පුවත්පත වෙත මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් අවධානරණය කරන්නේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් කිසිවෙක් දෙවන දින 14ක කාලය තමන් යටතේ ස්වයං නිරෝධායනය වී නැති බවය.