ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවල සගවා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගපිටින් යාපනයට රැගෙන විත් ගබඩාකර කොළඹට ප්‍රවාහනය කරන ජාවාරමක මහමොළකරු යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය අද අත්අඩංගුවට ගත්තේය.
යාපනය ගුරුනගර් හී පදිංචිකරුවෙක් වන සතිෂ් නැමැති එම ඡාවාරම්කරු බෝට්ටුහිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි. මෙම ව්‍යාපාරිකයාට ධීවර යාත්‍රා 50 ක් පමණ හිමිව ඇති බවත් එම ධිවර යාත්‍රා අතර බහුදින යාත්‍රා රැසක්ද ඇති බවත් යාපනය කොට්ඨාශ අපරාධඡ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
ඉන්දියාවේ සිට යාපනයට කේරල ගංජාද තොග වශයෙන් යාපනයට රැගෙන විත් බෙදා හැරීමේ ඡාවාරමද මෙහෙයවන්නේ මෙම පුද්ගලයාය. යාපනයේ සිට අධිශීතකරණ ලොරිවලින් කොළඹට රැගෙන එන මත්ස්‍ය තොග අස්සේ කේරල ගංජා සහ අයිස් ප්‍රවාහනය කරන බවට සැකකරන බව යාපනයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කෝපායි පොලිස් වසමේදී මෙම ජාවාරම්කරුගේ ගෝලයින් තිදෙනෙක් අද සවස 2.00 ට පමණ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05 ක් සමග අත්අඩංගුවට ගත් බවත් ඒ අය විසින් හෙළිකරන ලද තොරතුරු මත මෙම ජාවාරමේ මහ මොළකරු බව කියන සතිෂ් නැමැත්තාව අයිස් කිලෝ 02 ක් සමග අත්අඩංගුවට ගත් බවත් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සදහන් කළේය.