ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ රෝහල් ගාස්තු අඩු කිරීමට සැලසුම් සකස් වෙමින් තිබේ.
රටේ පවතින තත්වය හමුවේ ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් පිට එහි නිරීක්ෂණ සංචාරයක යෙදුනු සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් විසින් රෝහල් පාලන අධිකාරිය සමග කළ සාකච්ඡාවක දී ජයවර්ධනපුර රෝහලේ බාහිර රෝගී අංශයේ හා නේවාසික ප්‍රතිකාර අංශයේ රෝගීන් ප්‍රමාණය අඩු වීම නිරීක්ෂණය වී ඇත.
ඊට හේතුව සේ පෙනී ගොස් ඇත්තේ මේ උවදුරු සමයේ සිදුවී ඇති ආර්ථික අපහසුකම් බව පෙනී යෑම මෙම රොහල් ගාස්තු අඩු කිරීම සඳහා අවධානය යොමු වී ඇත. ගාස්තු අඩු කිරීම සම්න්ධව ලිඛිත ඉල්ලීමක් සෞඛ්‍ය අමාත්‍යංශයට කරන සේ ඇමතිවරිය රෝහල් පරිපාලනය ට දැනුම් දී ඇතැයි ද ඉදිරි සතියේදී එම ක්‍රියාවලිය ප්‍රායෝගික වනු ඇතැයිද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.