fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    Auto Draft

    අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

    ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

    ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    පාළාත්සභා ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ඉතින් ජීවත් වෙමු…

editor by editor
ජනවාරි 2, 2021
in පුවත්, විනිවිද
443 4
ඉතින් ජීවත් වෙමු…
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන 
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා  –  

 උපදේශන අත්දැකීම් අළලා සකස්වන විශේෂ ලිපි මාලාව 02

ජීවිතයේදී වෘත්තීමය වශයෙන් සතුටුවීම යනු ආත්ම තෘප්තියේ උපරිම අවස්ථාවකි. උපදේශනයක අර්ථවත් බව තේරුම් යන්නේ උපදේශනය හමාර වී කාලය ගෙවෙමින් යද්දීය.

RelatedPosts

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

ප්‍රේමය බිඳී යෑමෙන් දැඩි වේදනාවට පත්වන බොහෝ තරුණ තරුණියන් එම වේදනාව ආකාර දෙකකින් ඉන් නිදහස් කිරීමට සිතති.

එකක් පළිගැනීමය

අනෙක සියදිවි නසා ගැනීමය

මේ දෙකම අර්ථ විරහිතය.

වරක් මම ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැඩමුළුවක් කළෙමි. තේමාව සතුටින් ජීවත්වන අකාරය ය.

රැකියාව, පවුල, ආදරය, ආධ්‍යාත්මික ජීවිතය ආදී ක්ෂේත්‍ර ඔස්සේ වැඩමුළුව කර හමාර කළ පසුව වැඩමුළුව පිළිබඳ ඔවුන්ගේ අදහස් ලියා එවන මෙන් ඉල්ලා සිටියෙමි.

සියගණනක් වූ අදහස් අතර එක් තරුණයෙක් මට මෙසේ ලියා එව්වේය

” මැඩම් ඔබතුමී අද මෙහෙ ආවේ මගෙ වෙලාවට. ඔබතුමී නොඑන්න මං අනිවාර්යයෙන් මිනීමරුවෙක් වෙන්න තිබුණා. ඒත් මං දැන් දන්නව මං ආදරේ කරලා නෑ. ඒ නිසයි මං පළිගන්න හිතුවෙ. මං ඒ අදහස අත හැරියා”

අපගේ සිත තුළ විරහව, වෙන්වීම, අහිමිවීම නිසා ඇතිවන චිත්තවේග සමනය කරගන්නට ගන්නා පියවර සමහර විට හානිකර වන්නේ අනෙකාට නොවේ… අපටමය.

ඒ මොහොතේ ලබන නිසි උපදෙස නිසා සුවපත් වන්නේ වේදනා විඳින්නා පමණක් නොවේ.

අද මා ඔබට කියන කතාව එවන් එකකි

ඒ කතාව මෙසේය

සේවායතනයේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී මා හමුවීමට සේවාලාභියකු පැමිණ ඇතැයි පණිවුඩයක් ලැබුණි.

රැස්වීමේ අත්‍යාවශ්‍ය කරුණු සාකච්ඡාවෙන් පසු  පිටත පැමිණි පසු මා දුටුවේ ඡායා ( සැබෑ නම නොවේ) අමුත්තන්ගේ කොටසේ අසුන්ගෙන සිටිනා බවයි. ඉතාම නොසන්සුන් ව්‍යාකූල බවක් ඇය කෙරෙන් විද්‍යාමාන විය.

” ඡායා,  හදිසියක්ද පුතා. සති දෙකකින් නේද එන්න තියෙන්නෙ? ”

” ඔව් මැඩම්, අනේ අද මට මැඩම් එක්ක කතා කරන්නම ඕන. මට හරි අමාරුයි. පිස්සු වගේ, කියන්නත් කවුරුත් නෑ. මට  මැරෙන්නම ඕන වෙලා ආවේ. මෙතනින් පාස් වෙනකොට මැඩම් ඉන්නව නම් කතා කරන්න ඕන කියා හිතුනා ”

” කොච්චර හොඳද එහෙම හිතුන එක. අපි කතා කරමු. පොඩ්ඩක් ඉන්න ඡායා දැඩි ඉච්ඡාභංගත්වයට හා අනාරක්ෂිත හුදකලාවකට පත්ව ඇති බව ඇගේ ඉරියව්, පෙනුම සහ කතාවෙන් පෙන්නුම් කළාය.

මේ අවස්ථාවේ ඇයට කතා කිරීම සඳහා උපදේශන කාමරය තුළට මා සමග  මගේ කණිෂ්ඨ උපදේශකවරුන් දෙපළක්ද කැඳවාගෙන ගියෙමි.

තරුණ උපදේශකවරුන් දෙදෙනාගෙන් මා වඩාත් බලාපොරොත්තු වූයේ සේවාලාභියාට ඒ මොහොතේ දැඩිව දැනෙමින් තිබූ අනාරක්ෂිතබව අඩුකිරීමට මානසික සහයක් දීමටය. වචනයෙන් නොව හැඟීම් වලින්ද ඇය තනිවී නැතිබව පෙන්වීම මගින් ඇය සිටි පීඩාව මදක් සැහැල්ලු කිරීමටය.  අප සැවොම ඇයට උපකාර කරන්නට ඇගේ දුක බෙදාගන්නට සහ ඇයට විසඳුමක් කරා යන්නට ඇය සමග සිටින  බව හඟවා සිටියෙමු.

ඇය පැවසුවේ මෙබන්ඳකි.

” මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඊයේ දවල් මගේ හොඳම යාලුවගෙ අතින් අල්ලන් ඇවිත් මට කිව්වා එයා මගේ හොඳම යාලුවට ආදරේ කරනව කියලා. යාලුවත් ඒකට කැමතියි කියලා. මට ඊර්ෂ්‍යා නොකර පාඩුවෙ ඉන්න කියලා. එයාගෙ පස්සෙන් එන්න එපා කියලා. අද අපේ එග්සෑම් පටන් ගන්නවා. අද දෙකට මට පේපර් එකක් තියනව ලියන්න. ඊයේ ඉඳන් මට මේක දරාගන්න බෑ. ගෙදර අඬන්නත් බෑ. අම්මයි තාත්තයි දකියි කියලා. මට තව ඉන්න ඕන නෑ. මම මැරෙන්නම හිතාගෙන ආවෙ. මෙතනින් බස් එකෙන් බැහැල ඇවිත් මිස්ව හම්බවෙලාම යනව කියලා ආවේ ”

චායාගේ වර්තමාන කතාව එය විය.

ඇය මෙයට පෙර මාවෙත පැමිණියේද මේ ප්‍රශ්නයේම වෙනත් මුහුණුවරක් අරගෙනය.

එදා ඇයගේ කතාව මෙසේ විය

පවුලේ එකම දරුවා වූ ඡායා පෞද්ගලික සරසවියක ඉගෙනුම ලැබුවාය. ඇයගේ මිතුරු කණ්ඩායමේ දක්ෂම තැනැත්තිය වූයේ ඇයයි. ඒ නිසා සියල්ලෝ ඇයගේ සටහන් පරිශීලනය කරන්නත් විෂය ගැටලු ඇයගෙන් අසා ගන්නටත් කටයුතු කළහ. එම කණ්ඩායමේ සිටි විශ්ව හා ඇය පෙමින් බැඳුනි. විශ්වට සටහන් ලියා දීම පැවරුම් ලියාදීම පාඩම් කියාදීමට ඇයට සිදුවිය. විටෙක ඇයගේ කටයුතු අතපසු කරමින් ඇය ඔවුන් වෙනුවෙන් වෙහෙසුණාය.  සමහරු මෙය ඇය අනිවාර්යයෙන් කළයුතු දෙයක් සේ සලකා පොඩි අතපසුවීමකදී පවා ඇයට දොස් පැවරුවේය.

ඇය ඒ සියල්ල ඉවසුවේ ආදරයත් විශ්වත් නිසාය. මේ අතර ඇගේ කණ්ඩායමට තවත් තරුණියක් එකතුවිය. ඇය චායා  සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් පාසැලේ සිටි ඇයගේ හොඳම මිතුරියක් වූවාය. ඉතා රූමත් සමාජශීලී ස්වභාවයක් ඇයට විය.

ඒ අතර චායාට ගෙදරින් විවාහය සඳහා තෝරා දුන් තරුණ ඉංජිනේරුවෙක් විය. යහපත් ගති පැවතුම් තිබුණද ඡායා ඔහුට කැමති නොවූයේ ඇය කැමති වූ පෙනුම ඔහුට නොතිබූ බැවිණි. විශ්වගේ පෙනුම ඇයගේ සිතේ ඇඳි රුවට කදිමට ගැලපුනේය. එහෙත් දුරබැහැරක වැඩ කරන තරුණ ඉංජිනේරුවා ඇගේ සිත දිනාගැනීමේ වෑයම  අත නොහැරියේය. ඒ සඳහා චායාගේ මව්පිය ආශිර්වාදය නිරතුරුම තිබුණි. එහෙත් ඡායා ඔහුට රිදෙන අයුරින්ම කටයුතු කළාය. තරුණ ඉංජිනේරුවා හිත රිදවාගෙන නිසොල්මනේ සිටියේය.

මේ අතර තුර චායාගේ පැරණි පාසල් මිතුරිය චායාගේ කණ්ඩායමට එකතු විය.

දින සති ගණන් ගෙවෙද්දී විශ්වගේ වෙනසක් ඇයට දැනුනි.

චායාගේ මිතුරිය ද දක්ෂ තරුණියක වූවාය. කණ්ඩායමේ අය ඇය වටා රොක්වෙමින් ඡායා නොතකා හරින ලදී. ඡායා ඉවසා සිටියත් විශ්වද ඇගේ සමාගමට නතු වෙමින් තමාගෙන් ඈත්වන බව දැන පීඩාවට පත් වූවාය. ඇය සමග කළ ආදරණීය කතාබහ ක්‍රමයෙන් අඩු විය. අමනාප දිගුවිය.

ඒ අවස්ථාවේ චායා අප ආයතනයට පැමිණ උපදේශකවරියක් හමු වූවාය. ඇය විසින් චායා මා වෙත යොමු කළාය.

ඒ වතාවේ අධ්‍යන නිවාඩුවට සතියක් තිබූ බැවින් ඒ සතිය සරසවියේ ගත කළ යුතු ආකාරය ඇයට උපදෙස් දුනිමි. දේශන වලදී හැර අනෙක් වේලාවන්හි පුස්තකාලය පරිහරණය කිරීමට ඇය කැමති විය. කණ්ඩායමේ අය කතා නොකළහොත් බලෙන් කතාවට නොයන ලෙස හා ඔවුන් කෙරෙහි ද්වේශයක් නැතුව සිටින අයුරු පෙන්වා දුනිමි.

අද මෙහි  පැමිණෙන්නට හේතු වූ මේ සිදුවීම සිදුවී ඇත්තේ විභාගයට කලින් දින සරසවි පුස්තකාලය වෙත ගිය විටය.

ඇය බොහෝ හඬමින් අතරින් පතර කතා කළාය. ඊයේ උදෑසනින් පසු ඇය ආහාර ගෙන නැත.

පළමුව මම ඇයට සැන්ඩ්විච් එකක් සහ තේ එකක් ලබා දුනිමි.  ඇය ඉතා අසීරුවෙන් ආහාර ලබා ගත්තාය.

ඉන්පසු ඇයව හවස විභාගය සඳහා සූදානම් කිරීම අවැසි විය. දැන් වේලාව දහවල් එකොළහ විය.

ඇයට විභාගයට අවශ්‍ය මානසික සන්සුන්භාවය ඉක්මනින් ලැබීම අත්‍යාවශ්‍ය විය. එමනිසා විශේෂඥ මනෝවෛද්‍ය තුමන් වෙත උපදේශකවරියක් සහ කණිටු උපදේශකවරුන් සමග යැවීමි.

ඖෂධ ලබා දී අප ආයතනය තුළ තබා ගනිමින් හැකි උපරිමයෙන් විභාගය කරන්නටත් ලැබෙන ප්‍රථිපලය සතුටින් බාරගන්නටත් ඇගේ මනස සූදානම් කළමි.

ඒ අතරතුර ඇගේ මව්පියන් ගැන, ඔවුන්ගේ ඇය සම්බන්ධව ඇති ප්‍රාර්ථනා ගැන කතා කළෙමි. ඔවුනට කිසිවක්ම නොකර චපල ආදරයක් වෙනුවෙන් ජීවිතය අතහැර දැමීමේ වැදගත්කමක් ඇත්දැයි කතා කළෙමි.

නිසි වේලාවට ඇයව විභාග ශාලාව වෙත යවා විභාගය අවසන් වූ පසු නැවත ආයතනයට ගෙන්වා ගෙන සවස අපගේ උපදේශකවරුන්   සමග නිවසට යැව්වෙමි.

එසේ ඇය මග යන අතර තුර ඇගේ මව්පියන් මාවිසින් දැනුවත් කර ඇය සමග ගණුදෙනු කළයුතු අයුරු පහදා දුනිමි. දින තුනකින් ඇයත් කැටුව වෛද්‍යතුමන් හමුවිය යුතු බව දන්වා සිටියෙමි. මේ කිසිවක් ඇයට නොඅඟවා සිටිය යුතු බවද දැනුවත් කළෙමි.

විභාගය අවසන් වන තෙක් ඇය සමග දිගටම සම්බන්ධව සිටියෙමි. තුන්වන දිනයේ ඇය මව්පියන් සමග පැමිණ වෛද්‍යතුමන් හමුවී ඖෂධ ලබාගත්තාය. මව්පියන් ඔවුන්ගේ දරුවා රැකදීම වෙනුවෙන් හඬාවැටෙමින් ස්තූතියි කීහ.

ඇය සාමාන්‍ය තත්වයට පැමිණියාය. විභාග ප්‍රතිඵල පැමිණිවිට ඇය කලබල වූදා තිබූ විෂයට බී සමාර්ථයක් සහ අනෙක්වා ඒ සමාර්ථ  ලැබ තිබුණි. අය විශ්ව අමතක කර අධ්‍යාපනය කෙරේ යොමු වූවාය. ඒ අතරතුර විශ්වගේ මිතුරෝ ඇය විශ්වගේ පස්සෙන් යනවා කියමින් කළ අපහාසද ඇය දරා ගත්තාය.

අවසන් ප්‍රතිඵල ඉතා උසස් ලෙස ලබා ඇය අද කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි. හිතේ තිබූ ප්‍රේම විරහව  යටපත් කර මව්පියන්ගේ කැමැත්තට ඉඩදී ඇය ඉන්ජිනේරුවාගේ මනාලිය වූවාය. අතිශයින්ම ප්‍රීතිමත් ජීවිතයක හිමිකාරිය වී ඇය අද වෙසෙන්නීය.

මම ඔබෙන් පැනයක් විමසමි

එදා ඇය ජීවිතය නැතිකර ගත්තා නම් අද වනවිට තත්වය කුමක්ද?. වඩා හොඳ දේ ලබන්නට ජීවත්වීම වැදගත් නොවේද?. නොවටිනා මිනිසුන් වෙනුවෙන් ජීවිතය නැතිකර නොගෙන ජීවත්වීම නිසා ඇයත් ඇය වටා සිටින අයත් අද කෙතරම් සතුටක් විඳිනවාද?

ජීවිතය සුන්දරයි. ඒ සුන්දරත්වය දකින්න නම්. ජීවත් විය යුතුමයි !

ඉතින් ජීවත්වෙමු.

Tags: නවතම
Previous Post

මාවනැල්ල ගරිකොරියේ පුපුරන ද්‍රව්‍ය අබිරහස විසඳෙයි

Next Post

අත්හැර දමා ගිය තවත් කොවිඩි සිරුරක් රජයේ වියදිමින් ආදාහනය කෙරේ…

Related Posts

මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   
පුවත්

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

ජනවාරි 19, 2021
ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..
පුවත්

ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

ජනවාරි 19, 2021
කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…
පුවත්

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

ජනවාරි 18, 2021
Auto Draft
පුවත්

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

ජනවාරි 18, 2021
Next Post
අත්හැර දමා ගිය තවත් කොවිඩි සිරුරක් රජයේ වියදිමින් ආදාහනය කෙරේ…

අත්හැර දමා ගිය තවත් කොවිඩි සිරුරක් රජයේ වියදිමින් ආදාහනය කෙරේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…
  • ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..
  • කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist