අමාත්‍යවරුන් දෙදෙනෙකු covid-19 ආසාදනය වීමේ බරපතළ අවදානමක සිටින බව මේ වන විට පැවැත්වෙන මැතිසබයේදී හෙළි විය.
වාචික ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ජයවර්ධනපුර රෝහල් ගතකර ඇති අතර ඔහු සිටි ඇඳට ඇඳන් දෙකක් එහා සිටි රෝගියා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කරුණු දක්වමින් කියා සිටියේ මතුගම ප්‍රදේශයේ හමු වූ කොවිඩ් ආසාදිත බස් හිමියා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ හිතවතකු මෙන්ම ඔහු හමුවී ඇති බවයි. ඒ අනුව ඔහු දෙවන පෙළ ආශ්‍රිතයකු බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.