ලබන 26 වැනිදා රටේ අඳිරි නීතිය ඉවත් කළ පසු බඩු මිල වැඩිවීම, තෙල් මිල පහළ නොදැමීම, ජනතාව පෙළා දමමින් කෙරෙන ඒකාධිපති පාලනයට එරෙහිව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
ආනයනික අහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීම නිසා ආදායම් රහිතව සිටින ජනතාව බරපතල ආර්ථික පීඩනයකට පත් වන බවත්, ජනතාව වෙනුවෙන් කිසිම සහනයක් ලබා නොදී කරගෙන යන මේ ඒකාධිපති පාලනයට එරෙහිව ජනතාව සංවිධානය කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.
බොරතෙල් බැරලයක මිල ඩොලර් 20 දක්වා පහළ බසිද්දී එහි සහනය ජනතාවට ලබා දෙන්නට මේ ආණ්ඩුව සූදානම් නොවූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වහාම ජනතාවට සහන ලබා දෙන ලෙස රජයට බලකරමින් සංවිධානය කරෙන මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ වන දින වකවානු ඉතා ඉක්මනින් දැනුම් දෙන බව මහලේකම් වරයා වැඩි දුරටත් කිය.