මෙවර මහමැතිවරණයේ දී ඇතැම් අපේක්ෂකයින් සිය මැතිවරණ ප්රචාරණ කටයුතු සඳහා තමාගේ අවසරයකින් තොරව පෙර දී ගත් ජායාරූප භාවිතා කරන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
හෙතෙම පෙන්වාදෙන්නේ තමන් හෝ තම අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු වෙනුවෙන් දේශපාලනයේ නොයෙදෙන බවයි.
ඕනෑම අයකුට තමන් කැමැති අපේක්ෂකයකුට ඡන්දය ලබාදීමේ අයිතිය කිසිවකුට අහිමිකළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කර සිටී.