සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා අද (13) කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වොක්ෂෝල් විදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළව අධිකරණ වරෙන්තුවක් ඔහුට එරෙහිව නිකුත් කර ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.