ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙළ මඟින් මෙරට ජනතාවට වෙත සිදු කරන කාර්යය පිළිබඳව දැනට පවතින මාධ්‍ය මඟින් නිසි ලෙස සන්නිවේදනයක් සිදු නොවන හෙයින් එම කටයුතු සඳහා ප්‍රචාරයක් ලබා දීමේ අරමුණින් නව ආයතනයක් පිහිටුවීමට රජය අපේක්ෂා කරයි.
ජාතික සංවර්ධන මාධ්‍ය ආයතනය ලෙස මෙම ආයතනය හැඳින්වෙන අතර ඊට අදාළ කැබිනට් අනුමැතිය ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමේදී හිමිව තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාවට අනුව සෞභාග්‍යයේ දැක්ම යටතේ එන රාජ්‍ය ප්රතිප්තතිය අපේක්ෂිත කාර්ය භාරය සහ අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නිසි ලෙස ජනතාවට වර්තමාන මාධ්‍ය හරහා සිදු නොවන හෙයින් නව ආයතනයක අවශ්‍යතාව පෙන්වා දී තිබේ.
මේ වනවිට රජය යටතේ පාලනය වන මාධ්‍ය ආයතන ගණනාවක් පවතී. ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ අයි.ටී.එන් රේඩියෝ එයින් ප්රමුඛ වෙයි. ඊට අමතරව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ටෙලිසිනේ ආයතනයද පවතී.