බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල සිදු කෙරුණු පීසීආර් පරීක්ෂණවලදී ලබා ගැනුණු සාම්පලවලින් සියයට 90කට වඩා කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවත් මේ තත්ත්වය තුළ එම රෝගින් සිටින ප්‍රෙචද්ශ සම්බන්ධයෙන් බලධාරීන් තීන්දුවක් ගනු ඇති බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජන ඝනත්වය ඉතා අධික වූ මෙම ප්‍රදේශවල සෙසු ජනතාවට රෝගය පැතිරී ඇති ආකාරය විමසීම සඳහා සෞඛ්‍ය අංශ මඟින් එම ප්‍රෙද්ශවල අහඹු පරික්ෂණ සිදු කිරීමේදී මෙම තත්ත්වය නිරීක්ෂණය වී තිබෙන අතර මෙසේ හඳුනා ගැනෙන අසාදිතයන් අදාළ රෝහල්වලට යැවීමට අදාළ කටයුතු සංවිධානය වෙමින් පවතී.
මේ අතර අදාළ ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් තම නිවාස තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.මිනුවන්ගොඩින් ආරම්භ වී ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වුණු දෙවැනි කොරෝනා රැල්ලේ මේ වන විට වැඩිම ආසාදිතයන් දැන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එයිනුත් වැඩිම රෝගීන් පිරිසක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක් වන අතර මෙම දෙවන රැල්ල සමඟ සිදුවූ මරණවලින් වැඩි ප්‍රමාණයක්ද වාර්තා වූයේ කොළඹ නගර සභා සීමාව තුළිනි.