මාතර ගොඩගම උනැල්ල ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තබා ගනිමින් රුපියල් කෝටි දෙක හමාරකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වසර දෙසීයක් පැරණි ගිනි අවි දෙකක් විකිණීමට සූදානම් වන අවස්ථාවේ දී සැක කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගැනීමට විශේෂ කාර්ය බලකාය ඊයේ ( 05) සමත් විය.
අක්මීමන කොට්ටාස විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලැබුට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර අත්අඩංගුවට ගෙන තිබුණේ මාතර ගොඩගම උළෙල පනැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
මීට දින තුනකට පෙර පුරාණ ගිනි අවි දෙකක් විකිණීමටට ඇති බව කිසියම් පුද්ගලයකු හරහා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට තොරතුරු ලැබීමෙන් පසු විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු උපාය දූතයකු ලෙස යොදවා මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
එම ගිනි අවි දෙක දෙකෝටි පනස් ලක්ෂයකට අලෙවි කරන්නට අලෙවි කරුවන් එකඟ වි තිබේ. එහෙත් එම ගිනි අවි එම උපාය දූතයාට පෙන්වා නැත.
පසුව රුපියල් දෙකෝටි හතලිස්පන් ලක්ෂයකට මිලදී ගැනීමට දෙපාර්ශය එකඟ වීමෙන් අනතුරුව ඊයේ (05) දින ගනුදෙණුව සිදු කිරීමට ගිවිසාගෙන තිබේ.
ඊයේ ගිනි අවි අලෙවිකරණ සැකකරුවන් සිටින නිවෙසට ගිය උපාය දූතයා මුදල් දීමට පෙර ගිනි අවි පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත. පසුව ඔවුන් සඟවා තිබූ පුරාණ ගිනි අවි දෙක පෙන්වා තිබේ. ඒ වන විට එම නිවස වට කර සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එකවර පැමිණ ගිනිඅවි සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙතෙක් මෙම ගිනි අවි ලැබුණේ කෙසේද යන්න පොලිසියට ඔවුන් පවසා නැත. ගිනි අවි දෙක ලැබුණේ කෙසේද යන්න සොයා ගැනීමට විමර්ශන කටයුතු සිදුවෙමින් ඇත.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයේ බඳවාගෙන ප්‍රශ්න කරයි.