දිනසේන රතුගමගේ:
ඊ.පී.ඩී.පී. සංවිධානය නියෝජනය කරමින් මෙවර මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් තේරීපත් වී සිටින කුලසිංහම් දිලීපන්ට ස්වාධීන කණ්ඩායමකින් තරග කොට පරාජය වූ අපේක්ෂකයෙකු 7 දා අලුයම මරණීය තර්ජන එල්ල කොට තිබේ.
දුරකතන ඇමතුමක් මගින් තමන්ට මරණීය තර්ජන එල්ල කළ බව පවසන දිලීපන් මේ පිළිබදව තමන් දන්නා ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙකුටම දැණුම් දුන් බවත් පසුව පොලීසියට හා මාධ්‍යයට මේ සම්බන්ධයෙන් දැණුම් දෙන බවත් කියා සිටියේය.
කුලසිංහම් මහතා මනාප 3203 ක් ලබා ගෙන මන්ත්‍රීධූරයකට පත්ව සිටින අතර ඊට ආසන්න මනාප සංඛ්‍යාවක් ලබාගෙන සිටි ස්වාධීන අපේක්ෂකයා 6 දා රාත්‍රියේ සිටම ඔහු සමග ආරවුලක් ඇති කරගෙන තිබුණි.