ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අදාළ වගඋත්තරකරුවන් වෙත නියෝග කර තිබේ.
මෙම පෙත්සම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ක්‍රීඩා අණ පනත් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව පෙත්සම අද (15) කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පවසා ඇත.