පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලවනව නව උප්පැන්න සහතිකය නිකුත් කර ඇති බව රෙජිස්ට්‍රා ජනරාල් එන්.සී. විතානගේ ප්‍රකාශ කළේය.
යෝජිත උප්පැන්න සහතිකයේ උප්පැන්න සහතිකය වෙනුවට යොදා ඇත්තේ ජාතික උප්පැන්න සහතිකය යන නමය.
එය භාෂා ද්වයෙන්ම සකසා තිබේ. උපතේදී ලබාදෙන අනන්‍යතා අංකය ඊට ඇතුළත් කර ඇත. වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සකසා ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර්යක් අලවා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව ජාතික උප්පැන්න සහතිකය නිකුත් කරනු ලැබේ.
වර්ෂ 2019 දී ඉදිරිපත් කළ උප්පැන්න සහතිකයේ අඩු පාඩු ද සම්පූර්ණ කරමින් නිකුත් කර ඇති ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේවත් නොතිබුණු ආගම පිළිබඳ විස්තරත්, ළමුන් වෙත අගතිගාමී ලෙස බලපා හැකි දෙමාපියන් විවාහකද නැද්ද යන කොටසත් ඉවත් කර භාෂාද්වයෙන් සකස් කර තිබේ. ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වයද ඊට ඇතුළත් කොට ඇත.
මෙතෙක් ජනගත කර නොමැති නව ජාතික උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් අදාළ කාර්ය පියවර සම්පුර්ණ වීමෙන් පසු ජනගත කිරිමට බලාපොරොත්තුවන බවයි රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කීවේය.