කීර්ති ප්‍රනාන්දු –
එළඹෙන අලුත් අවුරුදු හා පාස්කු උත්සවය සමය සඳහා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රමවේදයක් ඉදිරිපත් කර යම් සංචරණ සීමාවන් පනවන්නේ නැතිනම් මැයි අග හා ජූනි මුල වකවානුවල රට තුළ කොවිඩ් ආසාදනය වැඩි වී විශාල ජාතික ව්‍යසනයක් නිර්මාණය වීමේ අවදානම ඉහළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
ඔහු පවසන්නේ ජනතාව කොවිඩ් 19 පැතිරවීමේ අවස්ථාව කළමනාකරණය කරගැනීම සඳහා සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමේ අත්‍යාවශ්‍ය බවය.
අප කිසිම නිරෝධායන තත්වයක් නොමැතිව, සංචරණ සීමා නොමැතිව අලුත් අවුරුද්ද හා පාස්කු උත්සවය සැමරීම සඳහා සූදානම් වන්නේ ලෝකය කොවිඩ් 19 වසංගතයෙන් බරපතල තත්වයන්ට මුහුණ දෙමින් ඇති අවස්ථාවක බවත්, බ්‍රසීලය වැනි රටවල ඔවුන්ට පාලනය කරගත නොහැකි මට්ටමට නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරෙමින් ඇති අවස්ථාවක බවත්ය.
ඉදිරියේ දී එන පාස්කු සහ අලුත් අවරුදු උත්සව සඳහා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මත කටයුතු කිරීමට ජනතාව යොමු නොකළහොත් අලුත් අවුරුද්දෙන් පසු තුන්වැනි කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට රටට මුහුණ දෙන්නට සිදුවීමේ අනතුරු හැඟීවිම සිදුකරන බවද සභාපතිවරයා කීය.