ඉදිරියේ පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුව මගින් අන්තවාදී කණ්ඩායම් වෙත අරමුදල් ලැබීම් නීරීක්ෂණයට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව එම පක්ෂයෙ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
අද එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඔස්සෙ විදේශයන් හී සිට අරමුදල් ලැබීම් පිළිබද සොයා බැලීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කරමින් අන්තවාදීන්ට අරමුදල් ලැබීම වලක්වලීම පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.
“පාස්කු ප්‍රහාරයෙන් 260කට අදික පිරිසකට ජීවිත අහිමි වුනා. එවැනි අවාසනාවන්ත සිදුවීම් වැලැක්වීමට මෙවැනි වැඩසටහන් ඉතා වැදගත්,” යනුවෙන්ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉදිරියේදී බුද්ධි අංශ ශක්තිමත් කරමින් අන්තවාදී ක්‍රියාවන් මැඩලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයක් කැපවන බවද මහාචාර්යවරයා වැඩිදුරත් පැවසීය.