එක්සත් රජාධානියේ සිට කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට රජ අද ( 22) තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රජාපක්ෂගේ නියමකටය අනුව මේ ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ මේ දිනවල එක්සත් රාජධානියේ පැතිරී යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම තීන්දුව ගෙන තිබුණේ දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව ජනාධිපති කාරයාලයේ පැවති සාකච්ඡාවේදී ය.
එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට නියමිත මගීන් PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටලවල නතර කොට දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කෙරෙන බවත් ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවත් තීරණය වී ඇත.
ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩල ද නිරෝධායන ක්‍රියාවලියට යටත් වෙති.
බ්‍රිතාන්‍යයේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මේ වන විට ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් එරට සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඊයේ දිනයේ සිට කටයුතු කර තිබේ.