සියලුම දුම්රිය පාර්සල් ප්‍රවාහන කටයුතුවලින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසීය.
දිවයින පුරා දුම්රිය ස්ථානවල පවතින සේවක හිඟය පියවන ලෙස දිගින් දිගටම කරන ඉල්ලීම් නොසලකා හැරීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගත් බව ලේකම්වරයා කීය.
මෙම සේවක හිගය පිළිබඳව පාලන අධිකාරය සමග මීට මාස කීපයකට පෙර සාකච්ඡා කළ බවත් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඊට විසඳුමක් ලැබෙන තුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛන්ඩව පවත්වාගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තු සේවක පුරප්පාඩු 8000ක් පමන මේ වනවිට පවතින බවත් දුම්රිය ධාවන කටයුතු සිදුවන ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවේ පමණක් සේවක පුරප්පාඩු 3500ක් පමණ පවතින බවත් වාර්තා වේ.