සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද දින තුළ කොවිඩ් මරණ 06ක් වාර්තා කළේය. කොළඹින් පිට මරණ තුනක් හා කොළඹ බල ප්‍රදේශය තුළ සිදු වූ මරණ තුනක් ලෙස ඒ මරණ 6 වාර්තා වී තිබිණි.
එම කොවිඩ් ආසාදිත මරණ 6න් 04 නිවෙස්වලදීම සිදුවූ මරණය.
අවුරුදු 77ක් වයසැති කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා කොළඹ 10 පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක් නිවසේ දී මිය ගොස් තිබිණි.
කොළඹ 14 ප්‍රදේශයේ අවුරුදු 39ක කාන්තාවක් අයි.ඩී.එච් රෝහලේ දී මිය ගියාය. කිරිවත්තුඩුවේ පදිංචිව සිටි 88 හැවිරිදි කාන්තාවක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්, ද මියගොස් තිබුණේ නිවසේ දීය. වීරඟුල පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වතුපිටිවල රෝහලේ දී මිය ගියේය.
මේ වනවිට රටේ සිදුවූ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171කි.
මේ පිළිබඳ රජය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.