ඉන්දියාවේදී මිය ගිය බවට සැලකෙන අංගොඩ ලොක්කා ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් ජාලයට අයත් ව කියන හෙරොයින් කිලෝ ග්‍රෑම් 42ක් සහ ආයුධ තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අඹතලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ආයුධ තොගය අතර ටී 56 ගිනි අවි තුනක්, මිලි මීටර 9 පිස්තෝලයක්, ටී 56 මැගසින් පහක් සහ පතරොම් 170ක් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත මෙම විශාල මත් කුඩු තොගය සහ ගිනි අවි අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගිනි අවි පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ ,හමුදා කඳවුරකින් පිට කර පාතාල කණ්ඩායම් වෙත ලබා දුන් ගිවි අවි තොගයට අයත් ඒවා බවට පොලිසිය විශ්වාස කරයි. මේ වනවිට මේ පිළිබඳව විමර්ශණ සිදුවෙමින් තිබේ.