විවිධ පුද්ගලයන් වල්භූත තකා කීවත් ශ්රී ලංකා පොදුජන නිදහස් සංධානයේ සභාපති තමන් බව සිහිකටයුතු යැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
එම සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ දරන බවත් දැන් ශ්රී ලංකා නිදහස්පක්ෂය හා පොහොට්ටුව සහෝදරත්වයෙන් එක්ව පොහොට්ටුව ලකුණින් තරග කරන්නේ ජනතාවගේ අනාගත සුබසිද්ධිය සඳහා බවත් කියයි.
එහෙන්ම ඔහු පවසන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් බස් පිටින් පැමිණ ඔහු හමුවී ශ්රිලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා බවයි. ගමකට ගිය විට පොදි කකා පැමිනෙන එක්සත් ජාතික පාක්ෂිකයින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා බවයි. මේ පිරිස ඉතාම සාදරයෙන් පිලිගන්නට තමන් සූදානමින් සිටින බව ද ඔහු පවසයි.