අම්මාගේ සහ තාත්තාගේ විවාහ ජීවිතයේ ආදර්ශය වැඩිහිටියෙක් ලෙස අද මා සිහි කරන්නේ මහත් වූ ගෞරවයෙනි. අම්මාගේ හා තාත්තාගේ විවාහ සිදුවන විට තාත්තා වයස 45ක් බව ඔහු අපට කීවේය. අම්මාගේ සහ තාත්තාගේ වයස් පරතරය වසර 20 කි. නමුත් ඔහු කෙරෙන් වියපත් බවක් දිස්නොවුනේය. ඔවුන් දෙදෙනා අතර පැවතියේ පුදුමාකාර අධ්‍යාත්මික බැඳීමකි.
තාත්තා වැනිම වූ අත්දැකීමක් අම්මා පිලිබඳව ද මා තුළ තිබේ.
අම්මා බෙහෙවින්ම අසාධ්‍යය දැඩි සත්කාර ඒකකයේ සති දෙකක් සිටියාය. ඇයගේ ජීවිතය ඕනෑම මොහොතේදී අවසන් විය හැකි බව හැඟීනි. අපි අපට කල හැකි සියලූම දේ සිදුකළෙමු. දැන් සිදුවිය යුත්තේ ආශ්චර්යයක්ම නිසා ඉතාමත්ම ඉක්මනින් ආගම අනුව කළ හැකි දෙයක් කරන ලෙස මා අසලට ආ ඉන්දියානු දොස්තර මහතා ඉතා කලබලයෙන් පවසා සිටියේය. පූජනීය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇමතූ සැනෙන් තවත් හිමිවරු සතරනමක් සමග විනාඩි කීපයක් තුළ උන්වහන්සේ රෝහලට වැඩම කළහ.
උන්වහන්සේලා පිරිත් සඣඣායනා කළහ. මහා සංඝතරත්නය විෂයෙහි අටපිරිකරක් පිළිගැන්වීමු. වෛද්‍ය වරුන්ගේ අනුමැතිය ගෙන ධම්මාලෝක හිමියෝ අම්මාට පිරිත් පැන් පොදක් ලබා දුන්හ. විය හැකි දෙයක් පිළිගැනීමට උපේක්ෂා පෙරදැරිව බලාගෙන සිටියෙමි.
විනාඩි කිහිපයකින් මා වෙත දිව ආ වෛද්‍යවරයා පැවසුවේ පුදුමය දනවන කතාවකි.
අම්මාගෙන් ගිලිහී යමින් තිබූ ජීවිතය නැවත ඇයට ලැබෙමින් ඇති බව ඔහු කීවේය. මගේ ජීවිතය ප්‍රමෝදයෙන් පිනා ගිය එවැනි දවසක් වේ නම් ඒ පියා සම්බන්ධව මා අත්දුටු ආශ්චර්යවත් මොහොත පමණක් බව සිතමි.
විශ්වයේ යහපත හා අයපත සම්බන්ධ බලය පිළිබඳ තක්සේරු කිරීම සඳහා අපට ඇති විද්‍යාත්මක අවකාශය බෙහෙවින්ම පුංචිය. මේ භෞතික ලෝකයේ අපට නොවැටහෙන ශක්තීන් ප්‍රමාණයක් සැරිසරමින් ඇති බව මා ප්‍රායෝගිකව අත් දැක තිබිණි.
මගේ අත්දැකීම නම් ආගමානුකූලව, ධාර්මිකව ජීවත්වෙන්නා ඒ යහපත් බලවේගවලින් බොහෝ දුරට ආරක්ෂා කරනු ඇති බවය. කුමන ආගමක හෝ ජාතියක වේවා පවතින විශ්වාසයන්ට, ඇදැහිලිවලට ගැරහිය යුතු නොවේ. උපහාසයට ලක් කළ යුතු නොවේ…
යම් හෙයකින් තමන්ට යම් කරදරයක් වුනු අවස්තාවක ඕනෑම භෞතික වාදියෙකුට නොදෑනීම “අනේ දෙවියනේ” යැයි නිරායාසයෙන් කියැවෙන්නට ඉඩ ඇති බැවිනි.
ඔබ පවසන කතාව සම්පුර්ණ සත්‍යයක්. මගේ මවගේ ජීවිතය මාස දෙකකට පෙර දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර මගින් රඳා පැවති මොහොතේ අඩු ප්‍රමාණයක වූ හෘද සංඛ්‍යාත සාමාන්‍ය වූවා.එය සත්‍ය වශයෙන්ම ආශ්චර්යයක්. ඔබ අදහන ආගම කුමක් වුවත්, එතැන ඔබට සැනසීම තිබේ.