කොරෝනා වෛරසය හේතුවෙන් පිළිපැඳිය යුතු සෞඛ්‍ය ආරක්ෂක විධි නියමයන් උල්ලංඝනය කළ එංගලන්ත පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජොෆරා ආචර් බටහිර ඉන්දීය හා එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර දින පහක නිරෝධායනයකට ලක් කර තිබේ.
එමිරේට්ස් ඕල්ට් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයට යන අතරතුර සෞඛ්යාරක්ෂක ක්‍රමවේද දෙවරක්ම උල්ලංඝනය කරමින් පුද්ගලික ගමන් ගිය ආචර් මෙසේ නිරෝධායනය කර තිබේ. මේ කාලය අතර තුර ඔහු දෙවරක් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.
නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධ තමන් අතිශය කණගාටුවට පත්වන බව කියන ආචර් තමන් මුළු කණ්ඩායමත් කලමණාකාරිත්වයත් අනතුරට හෙළූ බව පවසයි. සිදුවූ සිදුවීම පිළිබඳව අවංකවම සමාව ඉල්ලන ඔහු තරගාවලියට සිදු වූ සූදානමත් සමග තමන් කණ්ඩායම් දෙකම පරාජය කළා වැනි වේදනාවත්මක හැඟීමක් ඇතිවන බව කියයි.
.