පසුගියදා හම්බන්තොට පැවැති ඒල්.පීඒල් තරගාවලියේ දී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රීඩකයන් පෙළඹීම සම්බන්ධ චෝදනා ලබා සිටින ජාතික කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පොලිස් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය වෙත විමර්ශන සඳහා කැඳවා තිබුණද ඔහු බදාදායින් පසු දිනයක් ඒ සඳාහා ලබා දෙන ලෙස කල් ඉල්ලා ඇතැයි අනාවරණය වේ. ඔහු තම නිතිඥයන් මාර්ගෙයන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඒ අනුව පොලිස් විමර්ශන ඒකකය ඔහුට විමර්ශන සභාව වෙනත් දිනයක් ලබා දී ඇති බවද වාර්තා වෙයි.
සචිත්‍ර සේනානය කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිං කන්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකුට මුදලට තරග පාවා දීම සඳහා යෝජනා කළ බව අනාවරණය වී ඇත. එම ක්‍රීඩකයන් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඒ සම්බන්ධව තොරතුරු හා සාක්ෂි සාධක සහිතව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත වාර්තා කර ඇත. අයිසීසී ය මේ පැමිණිල්ල මෙරට පිහිටුවන ලද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය වෙත යොමු කර තිබේ.
මෙම විමර්ශනය සිදු සිදු කෙරෙන්නේ ඒ අනුවය. මූලික විමර්ශනවලින් අනතුරුව පොලිසිය මේ සම්බන්දෙයන් ගත යුතු ඉදිරි පියවර ගැන නීතිපතිවරයා ගේ ද උපෙදස් පතා තිබේ.
ඒ අනුව සචිත්‍ර සේනානායකට අද දින ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබිණි.