රට තුළ නිර්මාණය වෙමින් ඇති කොවිඩ් වසංගත තත්වය නිසා ශ්රී ලංකා ක්රිකට් ආයතනය දින 05කට වසා දැමීමට තීරණය කළ බව ශ්රීලංකා ක්රිකට් ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.
ඒ අනූව ලබන සතියේ සඳුදා යළිත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විවෘත කිරීමට නියමිතව තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට විවිධ සේවාවන් සඳහා කොරෝනා රෝගය පැතිර යන ප්රදේශවලින් සේවකයන් පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්රී ලංකා ක්රිකට් ලේකම්වරයා පැවසීය.
උද්ගතවී ඇති තත්ත්වය අනූව ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කිරීමට නියමිතව තිබු සියලුම ක්රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.