යුද හමුදාපති කුසලාන පන්දුවාර විස්සයි විස්ස සිව්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා සටන හෙට (17) පස්වරු 2ට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ දකුණු වොරියර්ස් කණ්ඩායම සහ සීක්කුගේ ප්රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් පැෂන් උතුරු වොරියර්ස් කණ්ඩායම අතර හොරණ දොඹගොඩ ක්රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර තිබේ.
චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබුණද අවසන් සටනේ කණ්ඩායම් දෙකම ජයග්රහණ තුනක් සහ පරාජයන් දෙකක් බැගින් ලබා සම තත්ත්වයේ සිටි. මෙම කණ්ඩායම් දෙක අතර පළමු වටයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුවද එහිදී පළමුව පිති ප්රහාරය දියත් කළ චන්දිමාල්ගේ කණ්ඩායම පන්දුවාර 15 කදී කඩුලු 4 ක් දැවි ලකුණු 130 ක් ලබා ගත්තේය. එහිදී චන්දිමාල් පන්දු 42 කින් අර්ධ ශතකයක් (53) වාර්තා කර තිබුණි.
ජාතික කණ්ඩායම නියෝජනය යොවුන් ක්රීඩකයන් කිහිප දෙනෙකුගෙන් කණ්ඩායම් දෙකම සවිමත් වී සිටිිති. පළමු වටයේ තරග අනුව වැඩිම ලකුණු ලාභියාව බවට ඩිමෝ කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පත්ව ඇති අතර ඔහු තරග හයකදී මුළු ලකුණු 269 ක් ලබා තිබේ.
සීක්කුගේ නායකත්වයෙන් යුත් මෙල්බන් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක දසුන් ශානක අර්ධ ශතකයක් සමග ලකුණු 165 ක් ලබා ඇත. නායක සික්කුගේ ප්රසන්නද එක් අර්ධ ශතකයක් තරගාවලියේදී ලබා තුන් ඉරියව් ක්රීඩකයකු වශයෙන් සාර්ථකත්වයට පැමිණ ඇත.
ඩිමෝ කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), වනිඳු හසරංග, අසන්ත බස්නායක, ජනිත් ද සිල්වා, කවිශ්ක ලක්ෂාන්, මලින්ද අභිෂේක්, බිෂාන් මෙන්ඩිස්, ඩිලාන් මධුෂංක, දුෂ්මන්ත චමීර, ගයාශාන් කෝරලගේ, ගිහාන් කෝරලගේ, ජගත් රාජපක්ෂ, මධුෂාන් පොතේජු, ප්රියන්ත රත්නායක, රෂ්මික සිරිවර්ධන, රුචිර සිල්වා, එස්. සොයිසා, සුරංග ලක්මාල්, සුමින්ද ලක්ෂාන්, තුෂාන්ද සොයිසා
සුපර් පැෂන් උතුරු වොරියස් කණ්ඩායම
සීක්කුගේ ප්රසන්න (නායක), දසුන් ශානක, අකිල ධනංජය, භානුක රාජපක්ෂ, අරුන් අන්චායන්, අශාන් සම්පත්, අශාන් රන්දික, භාෂිත ලක්ෂාන්, ඩිල්ෂාන් මධුෂංක, හරිත් ප්රනාන්දු, හේෂාන් හෙට්ටිආරච්චි, ඉරේෂ් චාමර, ජනක සම්පත්, ප්රභාත් ද සිල්වා, රවීන් පෙරේරා, සරත් මධුෂංක, ෂෙහාන් ප්රනාන්දු, ෂිහාන් ද සිල්වා, තරිඳු කෞෂාල්, විනෝද් පෙරේරා,