දිනසේන රතුගමගේ
තලෙයිමන්නාරමේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවේ ධනුස්කොඩිය දක්වා පිහිනමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාවේ හයිද්‍රාබාද් තෙලන්ගානි ප්‍රදේශයේ 48 හැවිරිදි ගුරුවරියක් වූ ශ්‍යාමාලා කෝලී අද (20) සමත් වූවාය.
ඇය කිලෝ මීටර් 30 ක් වූ මේ දුර ප්‍රමාණය පැය 13 යි විනාඩි 40 කින් අවසන් කොට ධනුස්කොඩියේ අරිචල්මුනායී වෙරළට ළගා වූවාය.
පෝක් සමුද්‍ර සන්ධිය හරහා මේ වන විට 13 දෙනෙකු පිහිනා ලෝක වාර්තාවන් තබා ඇති අතර ඉන්දීයා පිහිණුම් ක්‍රීඩාකවක් විසින් මේ වාර්තාව තබා ඇත්තේ පලමු වතාවටය.