ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියවු ක්‍රීඩකයෙකු මෙන්ම පන්දු යැවීමේ පුහුණුකරුවෙක් වූ නුවන් සොයිසා තරග පාවා දීමේ වරදට වැරිදි කරුවෙක් බව අයි.සී.ය නිවේදනය කර ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතරුව නුවන් සොයිසා වැරිදි තුනකට වැරදි කරු වී ඇති බව තහවුරු කර තිබේ.
පසුගිය 2018 වසරේ දී නුවන් සොයිසාට එරෙහිව අයි.සී.සී දූෂණ විරෝධි නිති සංග්‍රහය යටතේ චෝදනා එල්ල විය.
ඒ අනුව කවුන්සිලයේ දූෂණ විරෝධී නිති සංග්‍රහයේ
- 2.1.1 වගන්තිය ප්‍රකාරව තරගයක ප්‍රතිඵලය වෙනස් කිරීමට සැලසුම් කිරීම හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට උත්සාහ කිරීම හෝ එකඟතාවය පල කිරීම,
- 2.1.4 වගන්තිය ප්‍රකාරව 2.1.1 උල්ලංඝනය කිරීම සඳහා සහාය වන්නෙකුට, සහභාගී වනන්නෙකුට ඍජුව හෝ වක්රකාරව උපදෙස් දීම, පෙළඹවීම, එත්තු ගැන්වීම, සහ හිතාමතාම පහසුම් සැපයීම යන චෝදනා යටතේත්
- 2.4.4 වගන්තිය ප්‍රකාරව දූෂිත හැසිරීම්වල යෙදීමට ලැබුණු ආරාධනාවන් හෝ තොරතුරක් වසන් කිරීම යන වගන්තිය උල්ලංඝණය
යන චෝදනා මත නුවන් සොයිසා වරදකරු වී තිබේ.
කෙසේ වෙතත් අදාල වැරදි සම්බන්ධයෙන් පැනවෙන දඬුවම පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව අයි.සි.සී. ය දන්වා සිටී.
මීට අමරතව 2019 වසරේ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ටී10 තරගාවලියේ දී ද දූෂණ විරෝධී නිති සංග්‍රහය යටතේ වගන්තිය 4ක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අයි.සී.සී.ය විසින් සොයිසාට චෝදනා ගොනු කර ඇත. එහි විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් ඇත.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග තිහකට සහභාගී ඇති නුවන් සොයිසා එහිදී කඩුළු 64ක් දවාගෙන තිබේ. ජත්‍යාන්තර එක්දින තරග 65කට සහභාගී වී ඇති ඔහු කඩුළු 108ක් දවාගෙන ඇත. ලකුණු 343ක් වාර්තා කර තිබේ.
වර්ෂ 2007 දි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ඔහු වර්ෂ 2015 දී ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය.