දකුණු අප්රිකානු ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
වෛරසයට ගොදුරු වූ ක්රීඩකයන්ගේ නම් හෙළි කිරීම දකුණු අප්රිකානු ක්රිකට් ආයතනය විසින් ප්රතික්ෂේප කර සිටි. ඒ සමගම දකුණු අප්රිකානු ජාතික සංචිතයේ සිටි ක්රීඩකයන් සහ නිළධාරීන් ඇතුළු පනස් දෙනකුව කොරෝනා පරීක්ෂණයට යොමු කර පරීක්ෂා කිරීමේ දී ආසාදිත ක්රීඩකයින් හමු වී තිබේ.
දින පහක පුහුණු සැසියක් ආරම්භ කිරීමට පෙර කරන ලද කොරෝනා පරීක්ෂණයේදී මේ බව තහවුරු වී ඇත. දකුණු අප්රිකානු පුහුණු සැසියට සහභාගි නොවී ඇති ක්රීඩකන් වන්නේ ෆෆ් ඩු ප්ලෙසිස් සහ තෙයුනිස් බෲන් දෙදෙනා පමණි. ඔවුන් පෞද්ගලික හේතුවක් නිසා පුහුණුවීම්වලට සහභාගී වි නැත.