1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ඉදිරි මාස හයක කාලය තුළදී සංශෝධනය වීමට නියමිතව තිබේ.
ක්‍රීඩා සභාවේ සාමාජිකයන්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධිකරණ අමත්‍ය මොහොමඞ් අලී සබ්රි සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මූලික කෙටුම්පතක් සකස් කිරීමෙන් පසු සිදුකරන සංශෝධන සඳහා අධිකරණ අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් නම් කිරීමට නියමිතය.
අමාත්‍යාංශ දෙකෙහිම කමිටු නියෝජිතයන් විසින් සංශෝධනය කරන ලද කමිටු වාර්තාව මාස දෙකක් ඇතුළත සකස් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කෙරෙනු ඇත.
කෙසේ වෙතත් සංශෝධනය කිරීමට නියමිතව ඇති 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ජාත්‍යන්තරයේ ක්‍රීඩාවන්ට ගැලපෙන සහ උසස් ප්‍රමිතියකින් යුතුව සකස් කිරීමට නියමිතව ඇතැයි පැවසේ