-
එක්දින නායක දිමුත් කරුණාරත්න වෙන්දේසියෙන් විසිවෙලා..
- ලෝකය පිළිගත්තු ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩක ඩිල්ෂාන් මුණවීරත් කණ්ඩායම් 05 තුළ නැහැ
- අන්තර් සමාජ තරගවල වේගවත්ම ශතකය වාර්තා කළ සඳුන් වීරක්කොඩිත් එළියෙ..
- 20 -20 වැඩ්ඩන් එළියෙ ඉද්දි එස්.එස්.සී ක්‍රීඩකයො 03 යාපනේ කණ්ඩායමේ….
ලංකා ප්‍රිමියර් ලීග් ( LPL ) තරගාවලිය සඳහා අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී පුහුණුකරුවන් හා ක්‍රිකට් පරිපාලනය අනුගමනය කළ අත්තනෝමතික තීන්දු කිහිපයක් නිසා බරපතල අර්බුදකාරී තත්වයක් මතු වී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය තරගාවලියන්හි දී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4ක් යටතේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රීඩක තෝරා ගැනීම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබිණි.
එහිදී දේශීය ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය (Supplementary Local) යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ඉදිරිපත් කොට තිබු බව නිවේදනය කෙරිනි.
දිමුත් විසිවෙයි..
සැබවින්ම දේශීය ඉහළ (Gold Local) යටතේ වෙන්දේසියට ඉදිරිපත් කර සිටියේ ක්‍රීඩකයින් 20 දෙනෙකු පමණි. ක්‍රීඩකයින් 19 ක් වෙන්දේසි වු පසු අවසන් ක්‍රීඩකයා ලෙස සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක දිමුත් කරුණාරත්නය. එහෙත් ඔහුව ලබා ගැනීම ජැෆ්නා ස්ටැලියන්ස් පුහුණුකරු ලෙස එක්වූ කණ්ඩම්බි ප්‍රතික්ෂේප කළේය.
එක් කණ්ඩායමක් මෙම ඉහළ දේශීය ( Gold local ) යටතේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් තෝරා ගත යුතුමය. මේ අනුව හදිස්සියේ වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ආදේශ ක්රීමට ඊට එක්ව සිටි ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා කටයුතු කළේය.
මෙලෙස දිමුත්ව ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇතැයි පැවසෙන්නේ ඔහු දක්ෂතා නොදක්වන්නෙක් බව පවසමිනි. එහෙත් නිමාවූ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලෙස එක්වූයේ දිමුත් කරුණාරත්නය.
එස්.එස්.සී ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පුහුණුකරු වන්නේ තිලිණ කණ්ඩම්බිය. ඔහු අසාර්ථක පුහුණුකරුවෙක් බව සනාථ කරමින් මෑත කාලයේ පළමු වරට දේශීය ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය දක්වා එස්.එස්.සී කණ්ඩායම පහත වැටුණේය.
ඈෂ්ලිගේ චොසිස් එක
මෙලෙස දිමුත් කරුණාරත්නව කණ්ඩම්බි විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී වෙන්දේසියට ඉහළ දේශීය යටතේ නිර්දේශ කරන්නේ මිලින්ද සිරිවර්ධන හා බිනුර ෆනෑන්ඩුයි. ඒ පන්දුවාර විස්සයි විස්ස ඉහළ දක්ෂතා දක්වන වේගයෙන් පන්දුවට පහරදිය හැකි ඩිල්ෂාන් මුණවීර, පැතුම් නිශ්ශංක, චාමික කරුණාරත්න, සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, සචිත්ර සේනානායක, ජීවන් මෙන්ඩිස් හා රමිත් රඹුක්වැල්ල සිටියදී ය.
ඔවුන් අතර ඩිල්ෂාන් මුණවීර ලෝකයේ ප්‍රසිද්ධව සිටින්නේ විස්සයි විස්ස ලංකාවේ සිටින විශේෂඥ ක්‍රීඩකයෙක් ලෙසය. ඇෆ්ගනිස්තාන, පාකිස්තාන හා බංග්ලාදේශ දේශීය පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා එක්වූ එකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඔහුයි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව කියන මෙම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5 ටම ඇතුළත්ව නැත. එය අති විශේෂ සිදුවීමකි.
එස්.එස්.සී ලොකු වීම
මේ අතර තිලිණ කණ්ඩම්බි පන්දුවාර 20 – 20 ක්‍රීඩකයන් නොසලකා සිය එස්.එස්.සී කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම තෝරා ගැනීමේදී වැඩි ප්‍රමුඛත්වක් ලබාදුන් ආකාරය පිළිබඳ චෝදනා එල්ල වෙමින් ඇත. ඒ එස්.එස්.සී කණ්ඩායමේ ක්‍රීඩකයි තුන් දෙනෙක් වන චරිත් අසලංක, නුවනිදු ෆනෑන්ඩු හා අෂේන් බණ්ඩාර තෝරා ගැනීමත් සමගය.
දේශීය එක්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම ශතකයට හිමිකම් කියන්නේ සදුන් වීරක්කොඩිය. සඳුන් පන්දු 49 කදී ශතකය වාර්තා කළේය. එහෙත් කණ්ඩම්බි ඔහුවත් තෝරාගෙන නැත. ඒ එස්.එස්.සී කණ්ඩායම හැරදා බදුරලිය ක්‍රීඩා සමාජය තෝරා ගැනීමට සඳුන් කටයුතු කිරීමට ප්‍රතිචාර ලෙස බව බොහෝ දෙනෙක් පවසති.
මේ තත්වය මත ජාතික වශයෙන් ක්‍රිකට් ඔසවා තැබිය හැකි තරගාවලියක් එල්.පී.එල්. හරහා බලාපොරොත්තු විය හැකි දැයි ක්ෂේත්රයේ ප්‍රමාණිකයෝ ප්‍රශ්න කරති…