කණ්ඩායම් මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය මේ වසර තුළ පැමැත්වීමට නොහැකි සේ දින නියමයක් නැතිව කල් යන ලකුණු පහළ වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.
මෙම මස අගෝස්තු 28 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූඋ එල්.පී.එල්. තරගාවලිය පසුව නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. දැන් තරගාවලිය සංවිධානය කිරීම භාරදී ඇති අයි.ජී.ජී. සමාගම සඳහන් කරන්නේ කණ්ඩායම් පහ මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට හැකි දිනයක් තීන්දු කිරීම අපහසු බවය.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහට විදෙස් ක්‍රීඩකයන් හය දෙනා බැගින් 30 දෙනකු ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබුණි. එල්.පී.ඒ. තරගාවලියට සහභාගි වීමට ඔස්ට්‍රෙලියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් රැසක්ම කැමැත්ත පළ කර තිබුණි.
ඇෆ්ගනිස්තානයද විදෙස් ක්‍රීඩකයන් ගෙන්වමින් ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධානය කරද්දී පන්දුවාර විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලියක් නොමැති එකම රට බවට ලංකා පත් වී තිබේ.