කොවිඩ් වසංගතයෙන් බරපතල ආර්බුදයකට පත් නොවූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ලබන සැප්තැම්බර් 19 වැනිදා අයි.පී.එල් තගරාවලිය ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීන්දු කර ඇත.
ඒ අනුව දින නියමක් නැතිව කල් ගිය අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
ඉන්දියානු ක්‍රිකට් ආයතනය මීට පෙර මාර්තු මස 31, අප්‍රේල් දෙවන සතිය, මැයි මස ආදී ලෙස තරගාවලිය සැලසුම් කිරීමට අවස්ථා ගණනකදී ගත් පරිශ්රමය ව්‍යර්ථ වූයේ කොවිඩ් උවදුර නිසාය. එහෙත් 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමත් සමග සැප්තැම්බරයේ තරග පැවැත්වීමට අයි.පී.එල් සභාපතිවරයා ස්ථිර ලෙසම දින නියම කරගෙන ඇත.