fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, මාර්තු 7, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    “පාස්කු අනතුර කලින් දැන නොසිටියත්  පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”

    ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

    ලාබාලම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වේ… වයස දින 42යි…

    ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

    හොරට ඉඩම් ලියාගෙන ඇති අය  හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට  මැයි වනතෙක් කල්දෙයි

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

    මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ලෝක කුසලානයේ රිදී ජුබිලිය ක්‍රිකට් චන්දෙට විකුණන්න ගිය ක්‍රිකට් ලොක්කා දැවී යයි…

    ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කලා

“කුමර කොබෙයි “ජිවිතය එහි මුලු අර්ථයෙන්ම විඳින්න කරන ආරාධනාවක්…

editor by editor
සැප්තැම්බර් 19, 2020
in කලා
432 4
Shamel-Jayakody

ශමෙල් ජයකොඩි

Share on FacebookShare on Twitter

ශමෙල් ජයකොඩි අපේ සාහිත්‍ය සමාජය තුළ නිරන්තර ප්‍රභාමත්වන නවකතා කාරියකි. ඇයගේ නවකතා කෘතිවල ඇති අපූර්ව ප්‍රස්තුත හා චරිත ගොඩනන්වන අවකාශය සිංහල පාඨකයාට නව මානයක් පෙන්වා දුන්නේය.  “යළි උපන් ගැහැනිය” නව කතාව රචනා කරමින් නවකතාකරණයට පිවිසි ශමෙල්  මේ වන විට නව කතා දොළහක් රචනා කොට ඇත. ඒ බොහෝ කෘති සෑම සම්මාන උලෙළකම පාහේ නිර්දේශ කෘති වූ අතර “ප්‍රංශ පෙම්වතා” (2018) “වීනස්ගේ උපත (2019) යන කෘති ද්විත්වය ස්වර්ණ පුස්තක අවසාන වටය නියෝජනය කළේය මෙවර ඇය විසින් රචිත කුමර කොබෙයි නවකතාවත් විද්‍යෝදය සම්මාන උළෙල තුළ සංවාදයට ලක් වූයේ අවසන් වටයේ හොඳම නවකතා කෘති 5 අතරට පැමිණෙමිනි.

අද ලංකාසර  මේ ඉඩ හසර වෙන්වෙන්නේ ශමෙල් ජයකොඩි  සමග කෙරෙන සංවාදයක් වෙනුවෙනි.

  • ඔබ වෘත්තියෙන් නවකතාකාරියක්ද?. සම්මාන සඳහා ලියන්නියක්ද?.

මම වෘත්තීයක් විදිහට ලියන කෙනෙක් නෙමෙයි. ඒත් වෘත්තීයක් විදිහට ලියන්න හැකියාවක් පහළ වෙනවා නම් මම කැමැතියි. එහෙම නම් මට දවසෙ වැඩි වෙලාවක් මගේ කාල්පනික ලෝකයට වෙලා ඉන්න හැකියි. ඒත් මගේ සාමාන්‍ය ජීවිතය ලිවීමෙන් ඉතාමත් බැහැරව තිබෙන දෙයක්. ලියන්න මට ලොකු ගැම්මක්  ආවේගයක් දැනෙන්නම ඕනෑ.

හොඳම පොත ලියන්න හිතනවා නම් ඒක මුළාවක්. මම නිතර දකිනවා සම්මාන සඳහා පොත් ලියන කතාව උඩට ඉස්මතු වෙන හැටි. ඒක මට විශ්වාසයෙන් තොර දෙයක්. මොකද කෙනෙක් සම්මානයක් බලාගෙන ලියන්න හිතනවා නම් ඒක ලේඛකයාගේ ආත්මයෙ ගැඹුරුම තැනින් එන ලිවීමක් වෙන්නේ නැහැ. වෙන කොහෙන් හරි බලෙන් කැඳවන දෙයක් විතරයි. එහෙම දේකට සම්මාන දෙනවා නම් එතැන හරි විනිශ්චයක් තිබෙන්න බැහැ. හැබෑ විචාරකයෙකුට පුළුවන් පොතේ වචන හරහා එන ලේඛකයාගේ හදගැස්ම අඳුනගන්න.

RelatedPosts

වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

වෛරස නසන මාස්ක් හැදූ පේරාදෙණි පුත්තු

උමාරියා පෙන්වා දුන් තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

මම ලියන්නේ මාව තෘප්තිමත් කළ, ප්‍රබෝධමත් කළ කතාවක් පාඨකයා වෙත ප්‍රදානය කරන්න කැමැත්තෙන්. මගේ නවකතාවක ගැඹුරු සංකීර්ණ භූමි විශාල ගණනාවක් හදා ගන්න මම කැමැතියි. හැම දේශපාලනයක්ම අවසාන වශයෙන් තීරණය වෙන්නේ මනුෂ්‍ය ස්වභාවය මතයි කියා මම හිතනවා. ඒ නිසාම නවකතාවකින් මම කැමැතියි මානව සමාජයේ සදාචාරාත්මක පැවැත්ම සියුම්ව ස්පර්ශ කරන්න. තමන්ගේ සැබෑ ආත්මයේ වේදනා ජයග්‍රහණ නවකතාවකින් පාඨකයා හා බෙදාහදා ගන්න.

  •  කාලයක් තිස්සෙ රටින් බැහැරව ජීවත්වෙමින් ඔබ මෙතරම් හොඳට ලංකාවේ ජීවිතය ලියන්නේ කොහොමද?

සිවිල් ඉංජිනේරුවරියක් විදිහට මගේ මුල් රැකියාව බාර ගනිමින් කොළඹත් ඉන් පිටතත් බොහෝ ප්‍රදේශවල සේවයට යන්න මට අවස්ථාව ලැබුණා. ඊට පෙරත් මගේ පාසල් අධ්‍යාපනය උසස් පෙළින් අවසාන කරන තුරු මම පාසල් හත අටකට ගියා. බාලිකා පාසල්, මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපන ක්‍රම පළාතෙන් පළාතට වෙනස්. ගුරුවරු සිසුන් අතර බැඳීම් වෙනස්. සිසුන්ගේ සමාජ විඥානය වෙනස්. මට මේ හැම වෙනසක් තුළම සැරිසරන්න අවස්ථාව උදා වුණා.

ඇත්තටම නම් ලංකාවේදී ජීවිතය තියන සාරය, රසවත් බව විඳින්න නම් වාසනාව කියන දේත් තරමක් අපි සන්තක කර ගත යුතුයි. මම කියන්නෙ සම්ප්‍රදාය පැත්තකට දමන්න කියලා නෙමෙයි. අපි හැම දෙයක් දිහාම විරෝධාකල්පයකින් බලන්න හොඳ නැහැ. තරුණ පරපුරට අවස්ථාව නැහැයි කියල හිතලත් බැහැ. ආණ්ඩුව රැකියා අවස්ථාවක් දෙනතුරු දෙමවුපියන් හැමදේම තීරණය කරන තුරු ඉඳලා බැහැ. රැකියාව, විවාහය, ආදරය විතරක් නෙමෙයි දේශපාලනයෙදි පවා ආකෘතියකට වැටෙනවා නම් එතනින් එහාට අපට කියන්න දෙයක් නෑ.

වර්ෂ 2019 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිරදේශ වූ අවස්ථාව

තරුණ පරම්පරාව ගැන කියද්දි මට මගේ අලුත්ම පොත ‘කෝමල මාණවක’ ගැන හැඳින්වීමක් කරන්න කැමැතියි. ඒ තුළ ඇත්තේ තමන්ගේ පරම්පරාවේ උරුමය අත ඇරලා අලුත් මගක් ගන්නා තරුණ පිරිසක්. ඔවුන්ට සහයෝගය දෙන හා ඔවුන් දෙස සැකයෙන් බලන තරුණ කොටස් තුනක් ඉන්නා ගමක් ගැන කතාවක්.

  •  කුමර කොබෙයි ලිවීමෙන් ඔබ සමාජයට කියන්න හැදුවෙ කුමක්ද?

මුකුත් නෑ… හරිම සරලයි ජීවිතය එහි පරිසමාප්ත අර්ථයෙන්ම විඳින්න කරන ආරාධනාවක් වගේ දෙයක්. කතාව පසුබිම් වන්නෙ උතුරු ඇමෙරිකානු මහාද්වීපය වුවත් එහි චරිත හැම එකක්ම ලාංකීය සංස්කෘතියෙන් පෝෂණය වුණු,   මම ලංකාවේ ජීවත් වෙනවා’ කියන හැඟීමෙන් හැම උදෑසනකම නැගිටින, ලංකාවෙන් ගෙනා ගතිගුණ එක්ක ඇමෙරිකාවේ වසන චරිත. කියවන කෙනා තුළ ඒ චරිත ජීවය ලබනවා දකින්න මම කැමැතියි.

ලංකාවේ ඔවුන් උපන් සංස්කෘතියේ සාරය උකහාගත්ත මේ චරිත තවත් රටවල්වල බහු සංස්කෘතීන් හරහා යන ගමන් ඒවායේ තියෙන සෞන්දර්ය රස විඳීම හා තමන් තුළ තියෙන තමන්ගේම හැදියාව නැවත නැවත ප්‍රශ්න කිරීම කතාව පුරා සිදු වෙනවා. අපි තව කෙනෙකුගේ සංස්කෘතියට අප තුළ ඉඩක් නොදෙන තාක් කල් අපට අපේ සංස්කෘතියේ ලස්සන දකින්නට ඉඩක් නැති බවත් ඒ චරිත තුළින් කියවෙනවා. සදාචාරය කියන්නේ හොඳ නරක විනිශ්චය කිරීම නොවෙයි. එයට වඩා ගැඹුරින් මිනිස් පැවැත්ම හා පැවැත්ම වෙත බැඳෙන ශිෂ්ටාචාරය තේරුම ගැනීම.

  • ඔබ ලියන හැම පොතක්ම වාගේ සම්මාන උළෙලවල්වලට තේරෙනවා. ඔබ ඒ ගැන හිතන්නේ මොකක්ද?.

මගේ පොත්වල කාටවත් මග ඇර යන්න බැරි වෙන අන්දමේ චරිත මුණගැහෙන විත්තිය මම දන්නවා. ඒත් එක්කම තේමාව. මම ලියලා තියෙන්නෙ ඊට කලින් නොකියන ලද තේමාවක් ඔස්සේ කියල මම දන්නෙ පොත මුද්‍රණයට යන වෙලාවට තමයි. පොතේ ප්‍රකාශකගෙ වචනවලින් ම මට දැනෙනවා නවකතාව විශේෂිත මානයක් හරහා ගමන් කළ එකක් කියලා.

සම්මානයකට පොතක් තේරෙද්දි මට දැනෙන ලොකුම දේ තමා පොත පාඨක පිරිසක් අතරට යයි කියන ප්‍රීතිය. මම විදෙස්ගතව ලියන නිසා පොතක් වෙනුවෙන් ජනගත කිරීමක් කරන්න මට හැකියාවක් නෑ. මගේ පොත ගැන පුවත්පතකට ලියන්න තරම් කැපවීමක් දක්වන මම දන්න අයත් හරිම අඩුයි. ඒ හින්දා මට සම්මාන උළෙලවල් වැදගත් වෙනවා. ඒ වගේමයි මම ලියන දේට ජීවය ලැබෙන්න ඒක තෝතැන්නක් වගේ. මගේ පොත් ඉදිරියට ගෙන ඒමට  පාඨකයාට හඳුන්වා දෙන්නට තරම් නිර්භීත වුණු සාහිත්‍ය සම්මාන උළෙලවල්වලට මම ණයගැතියි. ඒ වගේමයි සම්මාන තීරණ ගැන අසතුටට පත් වෙන අයටත් හැකියි මුහුණු පොත හරහා  නැත්නම් තමන්ගේ වෙබ් පිටුවක් හරහා පොත් අතරින් හොඳම පොත් තෝරලා ඒවා පාඨක පිරිසට හඳුන්වා දෙන්න.

  • ඔබ වෘත්තීයෙන් ඉංජිනේරුවරියක්. අද ඔබට ලේඛිකාවක් වන්නට ආදර්ශයන් වුණේ කවුද?.

මට ආදර්ශයන් වුණේ මට අහිමි වුණු අවස්ථාවල්. එහෙම අහිමිවීම් සාගරයක් මට තියෙනවා. ඔබ අහන්නේ ලේඛකයෙක් වීමට පෙර මම කිය වූ පොත් ලැයිස්තුවක් නම් ඔබ මගේ පිලිතුර යවන්නෙ වැරදි පාරෙ. සාහිත්‍ය පරිශීලනය ලිවීමට මග පෙන්වනවා තමයි. ඒත් අපි ලියන්නෙ අපිට සමීපයෙන් අපි ඇසූ පීරූ දේ.  ඒ දේවල් තමයි අපට ලිවීමට තල්ලුවක් දෙන්නේ.

මගේ නවකතා බොහොමයක් දිනපොත් ආකාරයෙන් ලියවුණු ආත්මීය කථාවල්. අපි දිනපොතක් ලියන්න කාගෙන්වත් උපදෙස් පතන්නේ නෑ වගේ මගේ ලිවීම එන්නේ නිරායාසයෙන්. කතාවක ආකෘතිය, ශෛලිය, රිද්මය කොටින්ම කතාවේ කටහඬ, මේවා අපට ලබා දෙන්නේ අප තෝරාගන්නා කතාවේ තේමාව හා චරිත විසින්. එහෙම නැත්නම් ඒක ලොකු අමාරුවේ වැටිල්ලක්. අපට සිද්ධ වෙනවා කතාවේ චරිත ඇදගෙන යන්න. මම කරන්නේ හොඳ කතාවක් තෝරා ගැනීම පමණයි. ඒත් එක්කම මගේ නිර්මාණ යථාර්ථවාදීව ඇදෙන කතා. මම කැමැති නැහැ පාඨකයාට ප්‍රහේලිකා ඉදිරිපත් කරන්න. මොකද මම දන්න පාඨකයා උසස් රසවිඳීමක් තමයි පොතකින් අපේක්ෂා කරන්නේ.

නවකතා ලියන ආධුනික අයටත් මම කියන්නෙ කිසි විටකත් අපේ දැනුමවත්, පර්යේෂණවත් ලියන්න යන්න එපා.  නවකතාවක් කියන්නෙම පොතේ මුල ඉඳන් අගට තමන්ගේ ආත්මය චරිත හරහා බෙදා හදාගැනීමක්ය කියලා.

Tags: විශේෂ
Previous Post

උතුරු නැගෙනහිර සංවර්ධනයට දෙමළ ඩයස්පෝරා නියෝජිතයෝ අගමැති හමුවෙති

Next Post

පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට පහර දෙයි

Related Posts

භාතිය – සන්තුෂ්ගේ බුද්ධිමය කොල්ලයට එරෙහිව සුනිල් -රෝහණ ප්‍රවීනයෝ  තනතුරු අත් හරිති…
කලා

පෙබරවාරි 23, 2021
“හිරු ස්ටාර්“ උදාර පිළිගන්න අහුන්ගල්ලට රසිකයෝ රොක් වෙති…

පෙබරවාරි 21, 2021
ජෝතිපාලයන් අවසන් උපන් දින සාදයේදී මරණයේ පෙර නිමිති දුටු හැටි
කලා

විජය පැරදුන මහර අතුරු මැතිවරණය ගැන රවීන්ද්‍ර රන්දෙණිය කියන කතාව…

පෙබරවාරි 16, 2021
විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…
කලා

විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…

පෙබරවාරි 13, 2021
Next Post
පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට පහර දෙයි

පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට පහර දෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • “පාස්කු අනතුර කලින් දැන නොසිටියත් පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”
  • ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි
  • ලාබාලම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වේ… වයස දින 42යි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist